ක්‍රිකට්




මගෙ අම්මා ක්‍රිකට් බලන්න ඉස්සර හරිම කැමතියි.. හැබැයි දැන් නම් ක්‍රිකට් කියන්නෙ අම්මට අපුලම දෙයක්.. මං ඇහුවා ඇයි කියලා..
අම්මා කියනවා ඉස්සර කණ්ඩායමේ නියම කණ්ඩායම් හැඟීමක් තිබුණලු.. ටීම් එක එකා වගෙ සෙල්ලම් කරාලු.. අරවින්දලා එහෙම මැච් එකකට ආවොත් ඉවර කරලම යන ගට් එකෙන්ලු එන්නෙ.. කළුවිතාරණ, ධර්මසේන, රුවන් කල්පගේ වගෙ ක්‍රීඩකයොන්ගෙ මාරම කණ්ඩායම් හැඟීමක් තිබුණලු. අසංක ගුරුසිංහලා, හශාන්ලා ඒම සෙල්ලම් කරනවා බලන්න ආසලු..
එතකොට මං ඇහුවා එතකොට දැන්?
දැන් කණ්ඩායමේ කිසිම කණ්ඩායම් හැඟීමක් නෑලු.. එකාට එකෙක් කපාගෙන අනිත් කෙනාට වළ කැපුනත් තමන් රැකෙන්නලු යන්නෙ.. ක්‍රිකට් සල්ලි එක්ක දුවන ක්‍රීඩාවක් වුනාට පස්සෙ ක්‍රීඩකයො එළියට පොඩ්ඩක් රට ගැන හිතනවා වගෙ පෙන්නුවට වැඩියෙන් හිතන්නෙ තමන් ගැනලු.. 96 පානුයි පරිප්පුයි කකා ලෝක කුසලානෙට පැක්ට්‍රිස් කරපු අයට අතේ සොච්චම තිබුනේ නැතිව කැපවීම් කරලා ලෝක කුසලානයක් නොගන්න අදටත් ලංකාවේ ක්‍රිකට් කියන්නෙ මෙච්චර ජනප්‍රිය ක්‍රීඩාවක් වෙන්නෙ නෑලු..
දැන් ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම් හැඟීමක් තියෙන ක්‍රීඩකයෙක්ට කියලා ඉන්නෙ අර පොඩි කොල්ලා කව්ද බෝල් කරන...
කව්ද ? කුලසේකරද?
අන්න ඔව්.. එයයි චන්දිමාල් කියලා ඉන්නෙ.. අන්න එයයි තමයිලු.. හැබැයි අර ඉස්සර තිබුණ ක්‍රිකට් උණ දැන් පරම්පරාවේ ළමයින්ට එන්නෙ ආරෙන් මිසක ඒ කාලෙ ටීම් එක එක්ක දැන් ටීම් එකෙ සමගිය, එකමුතුව සසදලා බලන්න මීට අවුරුදු 15කට වගෙ කලින් ක්‍රිකට් බැලුවනම් අද ගැන කළකිරෙනවලු...
මං කට වහගත්තා.. මමත් මැච් එකක් තේරෙන කාලෙක බලන්න ගත්තේ 2002 කාලේ ඉදන්.. අරවින්ද, සනා, අතපත්තු, වාස්, මුරලි තමයි අපෙ වීරයො වුනෙ.. 😌
අපි ආගමක් වගෙ අදහන ක්‍රීඩාව අපිට ආගමක් වුනාට හුඟක් ක්‍රීඩකයන්ට අද වන විට එහෙම නෙමෙයි.. තිත්ත ඇත්ත ඒකයි.. අපි පෑන්ටි පෑන්ටි වෙලා බෙදිලා මරා ගත්තට අපහාස කර ගත්තට එයාලා බලය, ඊරිසියාව, favourites ලා නිසා යටි සැලසුම් ගහනවා.. කුරල් කා ගන්නවා.. අරයා නැත්නම් මං සෙල්ලම් කරන්නෙ නෑ කියනවා.. තනතුරු බලෙන් ගන්න හදනවා..
ලංකාවට තියෙන්නෙත් ක්‍රිකට් විතරයි ආඩම්බරයෙන් කතා කරන්න.. නැත්නම් අපි ලෝක සිතියමේ තියෙන රටක්ද කියලා දන්නෙ අර යුද්ධය නිසා විතරයි.. එහෙව් එකෙ ඒ ක්‍රීඩාවේ එව්වොත් බෙදිලා ක්‍රිකට් වලපල්ලට යන තැනට වැඩ කරනවනම් අපිට තියෙන්නෙ හ්ම් කියලා සුසුම් ලන්නට විතරයි..
අනව තප්ත විල
Previous
Next Post »