ඒත් ශීත කාලයේ එක අඳුරු උදෑසනක්. දේශපාළන රැකවරණ ලැබී එම අදාල නගර සභා වල පදින්චියට යාමට නියමිත සරණාගතයින්ට ඔවුන්ට ප්‍රයෝජනවත් සමාජීය සන්ස්කෘතිකමය හා භාශා දැනීම ලබා දීමේ අරමුණින් විදේශ සේවා අමාත්‍යන්ශයෙන් මෙහෙයවන පාඨමාලාවයි මම පවත්වමින් ඉන්නෙ.
එදත් පුරුදු ලෙස මගේ පන්ති කාමරයේ ගෝළයන් පැමිණෙන තෙක් ඒ වෙන විට පැමිණ සිටිය උන් සමග කතා කරමින් මගේ ජන්ගම පරිඝණකට බිත්තියේ සවි කර ඇති ස්මාර්ට් බෝඩ් එකට සම්බන්ධ කරනව සිරියන් ජාතික මුස්තාෆා ගේද උදව්ව ඇතිව.
වෙලාව 9.10යි. මම නම ලැයිස්තුව ලකුණු කරන්න පටන් ගන්න විටම හැමදාම පරක්කු වෙලා එන සිරියන් ජාතික තරුණ හමීඩ් හිමීන් තම ස්මාර්ට් ෆෝනයේ මොනවාද බලමින් පන්තියට ගාටනවා. දොර ලඟ නතර වෙන ඔහු තත්පර ගානක් අරන් තම වැඩේ අවසන් කොට ෆෝනය සාක්කුවේ දා ගන්න ගමන් මම දෙස බලනවා. මමද ටිකාක් ඝාම්භීරව ඔහු දෙස බලා " හමීඩ්..... ඔබ පරක්කුයි වෙනද වගේම. මේ ඔබ ගන්නෙ අනුන්ගේ කාලය. තවෙකෙකුට ඔබේ ගෞරවයක් නැති බවයි ඔබේ හැසිරීමෙන් පෙනෙන්නෙ හමීඩ්. තේරෙනවද ඔබට ඒක ? ඔය ආකල්පෙත් එක්ක ජීවත් වෙන්න ඕනෙනම් ඔබ තෝරන් තියෙන්නෙ වැරදි රට කියලා මට කියන්නම වෙනවා. "
පරක්කු වීම ගැන සමාව අයදින ඔහු සුපුරුදු ඔහුගේ නිදහසට කියන කාරණේ කියනවා. ඔහු දන්නවා ඒ මගේ හදවතේ මුර්දු තැනක් බව. " මට නින්ද යන්නෙ නෑ මැඩම්. තාමත් සිරියාවෙ ඉන්න මගේ මව මතක් වෙනවා. ඉතින් නින්ද යන්නෙ උදේටයි මට "
ඔහු වාඩි වූ පසු මම මාගේ ඉගැන්වීම අරඹනවා.
අළුත් රටක ජීවත් වීමේදී එම රටෙහි සන්ස්කෘතිය ගැන දැනීමකින් සිටීමේ වැදගත් කම මම පහදනවා . වයස 20 සිට 60 දක්වා වයස් පරායාසයකින් සිටින මේ පිරිමින්ගේ යම් යම් අධ්‍යාපන වයස් හා පසු බිම් වලට ගැලපෙන උදාහරන ඔවුන්ගේ ලෝකයෙන්ම ගෙන මට පහදන්න ඇවැසි දේ පහදන්න මම උත්සාහ කරනවා.

ග්‍රීශ්ම කාලයේ ඉතා සැහැල්ලු හා සම නිරාවරණය වූ ඇඳුම් ඇඳි පමනින් ඩැනිශ් කාන්තාවන් නරක චරිතයන් ඇති අය නොවන බවත් එමගින් ඔවුන් කිසිම කෙනෙක්ට ලින්ගික ක්‍රියාවකට ආරාධනා කිරීමක් නොකරන බවත් මම පවසනවා. ඔවුන් නිහඬව අසනවා. ලින්ගික නිදහසට වයස් ප්‍රමානයක් ඇති බවත් ගෑනු දරුවන් ප්‍රමානයෙන් වැඩී සිටියමුත් යම් නීතිමය වයසක් ඒ සඳහා ඇති බවත්, එම ක්‍රියාවේදී ආරක්ශා වෙන ආකාරය මෙන්ම අනිකුත්බොහෝ දේ මම ඉතාමත් බරපතල හා ඝාම්භීර හඬකින් පහදනවා.
ඩැනිශ් සමාජයේ කිසි කෙනෙකු යම් ආකාරයකින් කුපිත නොකට කතාවක් ඇරඹිය හැකි ආකාරයද එමෙන්ම කෙනෙක් කෙලින්ම තමන් අකමැති අනෙකෙකුගේ යම් දෙයකට එකඟ නොවෙන්නේ ජාති වාදය නිසා නොවන බවත් එය ඔවුන්ගේ සන්ස්කෘතියේ කොටසක් බවත් මම උදාහරන සහිතව පහදනවා. ආගමික ලින්ගික හා දේශපාළන මත සාමාන්‍ය කතා බහකදී අදාල නැති බවද කෙනෙක් සමාජයේ ගැටිය යුත්ත්ගේ මනුශ්‍ය කම හා එපමනක්ම පමනක් පදනම් වූ මානසිකත්වයක් බවද මම ඔවුන්ට ඒත්තු ගන්වන්න තැතක යෙදෙනවා.
එරිත්‍රියන් ජාතික අෆ්වෑකි ඔහුගේ ස්මාර්ට් ෆෝනය දෙස නිතරම බලද්දි මම ඔහු ඉන්නෙ යම් හදිස්සියකදැයි විමසූ විට ඔහුට තමන් යන්න ඉන්න නගර සභාවත් එක්ක තව පැය කීපෙකින් සම්මුඛ සාකච්ඡාවක් ඇති බව පවසනවා. තව ඒකට වෙලා තියෙන බව පවසා ආයෙත් මම මගේ මාතෘකාවට එනවා.
අළුත් රටේ සන්ස්කෘතිය ගැන අවභෝදයකින් සිටිනා විට මිනිසුන්ගේ හැසිරීම් තේරුම් ගන්න පහසු වීමෙන් වරදවා තේරුම් ගන්න ඇති අවශ්ථා මග හැරිය හැකි බව මම නැවතත් අවධාරනය කරනවා.

නැවතත් අෆ්වෑකි තම ෆෝනය සමග. " අෆ්වෑකි.." මම මගෙ හඬ උච්ඡ කලා." සමා වෙන්න සන්ස්කෘතිය කියන්නෙ මොකද්ද බැලුවෙ මම ඔන්ලිනෙ ශබ්ද කෝශයේ "
මගේ ආවේගය පහල දාලා මෙහෙම උත්තර දුන්නා. " බැලුව එක හොඳයි. ඔන්ලයින් ශබ්ද්කෝශයේ ඒ වචනෙ . ඒත් ඔහොම වචන වල තේරුම ඔහොම බලද්දි ඒ වචනෙ මතක හිටිනවා අඩුයි. මම වචනය පහදන්න යොදන උදා හරන පසු බිම් හා අවශ්ථා අනුව එය තේරුම් ගන්න උත්සාහ කරන්න. "
ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකරන මැදි වයස් වූ මගේ ගෝළයො එකඟ තාවය පළ කරා. වැඩි හිටි අවුරුදු 58ක් වූ ඉරාක් ජාතික මොහමඩ් ඉරාකයේ කථිකාචාර්‍ය වරයෙක්. ඔහු අරාබි බසින් මා පහදපු දේ අනිත් අයට පහදනවා අරාබි බසින්.
ඒ නිමේශයේ මම හිතුවා මම ශබ්දකෝශයක් පාවිච්චි කරපු පලමු වර. ඉන්ග්‍රීසි ගුරු පත්වීමක් ලැබූ නිසා මාගේ ඥාති සහෝදරයගෙන් මළලසේකර ශන්දකෝශය මට ලැබෙද්දි ආශාවෙන් කෘතඥ්ඥ පූර්වකව එය පිළි ගත්තත් මට ඇත්තටම ඕනෙ වෙලා තිබුණෙ ඔක්ස්ෆර්ස් ඇඩ්වාන්ස්ඩ් ලර්නර්ස් ශබ්දකෝශයක් ඒ වන විට.
ඉන්ග්‍රීසි කතා කරන රට වල ඔක්කොම තානාපති කාර්‍යාල වලට ලීවද මම ශබ්ධ කෝශයක් ඉල්ලලා. හැම එකකින්ම ඔවුන් ලඟ ඒවා නැති බව ලියා තිබුණා. මම අළුත් වචන ඉගෙන ගත්තෙ ඒවචනෙ තිබ්බ වාඛ්‍ය හා ලිපිය නිරීක්ශනය කරමින්. පසුව එම වචනය දමා වැකි සදා මාගේ ගුරුවරයා ලවා නිවැරදි කර ගත්තා.
නැවතත් මම සන්ස්කෘතිය ගැන කියනවා. නිදන් උන්න වගේ නිහඬව සිටි වෙනදට කටකාර හමීඩ් අත උස්සල ප්‍රශ්නයක් අහනවා.
" ඇයි අපි මේ සන්ස්කෘතිය ගැන ඉගෙන ගන්නෙ අපිට මීට වඩා පෞරාණික ආඩම්බර වෙන්න හැකි සන්ස්කෘතියක් තියෙද්දි ?" ඒ ප්‍රශ්නය අනුමත කරන්නන් බොහෝ දෙනෙක් සිටින බව පන්තිය දෙස බලද්දි මට වැටහුනා.
අතේ තිබුණු ස්මාර්ට් බෝඩ් පෑන පසෙකින් තබා මම වාඩි වුනා.
"මොකද්ද සන්ස්කෘතියක් කියන්නෙ යම් ජන කොට්ඨාශයක ?"
ලොකු නිහඬ බවක් පන්තියෙ. තියෙන සීමිත භාශා දැනුමෙන් පහදන්න හදනවා සමහරු එක මට.
මම හිතුව සන්ස්කෘතිය මා තේරුම් රැගෙන සිටි ආකාරයෙන් පහදන්න.
"අපි යම් ජන කොටසක් එක්ක ජීවත් වෙද්දි දේවල් කරන සිතන පවසන විශේශ ආකාරයක්. හැම ජන කොටසකටන අනන්‍ය වූ යම් ක්‍රම තියෙනවා වගේම පොදු වූ දේවල්ද තියෙනවා. භාශාව කෑම බීම සිතුම් පැතුම් චාරිත්‍ර වාරිත්‍ර ඕවගේ කොටස්. වචන වලට දමන්න නොහැකි වුවාට හැමෝටම ඒ ගැන දැනීමක් තිබී තිබුණු බව මූනු දෙස බලද්දි වැටහුනා.
" ප්‍රශ්නයක් අහන්නද හමීඩ් ?" ඒ මම
කුතුහලෙන් මා දෙස බලමින් ඉන්න හමීඩ්ගෙන් මම මෙහෙම ඇහුවා.
"ඩෙනිම් කලිසමක් ඇඳ නයික් සපත්තු කුට්ටමක් පැළඳන් ස්මාර්ට් ෆෝනයෙන් යු ටියුබ් එකේ ඉන්ග්‍රීසි සින්දු අහන ඔබගේ සන්ස්කෘතියද ඔබේ පියාගේ හා සීයාගේ සන්ස්කෘතිය ? හමීඩ් ලැජ්ජාවෙන් මා දෙස බලා සිනා සෙනවා. පන්තියේ අනිත් අයද සිනාසෙනවා.
" හිතන්න ඔබේ පුතාගේ සන්ස්කෘතිය එකට වඩා කොච්චර වෙනස් වේද කියා "
මුළු පන්තියම එකඟ වෙනවා. " අපි එල්ලිලා ඉන්න හැදුවට සන්ස්කෘතිය නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතින දෙයක්. ලස්සනම දේ තමයි අපි කොච්චර වෙනස් වෙන්නෙ නෑ කියලා හිතුවත් සිද්ද වෙන වෙනස් කම් ඇති කරන්නෙත් කාලානුරූපිතව අපිමයි. අපේම තෝරා ගැනීම් "

"තවත් ප්‍රශ්නයක් හමීඩ් "
ඔබේ සන්ස්කෘතියේ මිනිසුන් අන්ධයන් ලෙස තාමත් පිළි පදින එමෙන්ම එම පිළි පැදීමට හේතු වූ පදනම් වූ කරුණු දැන් කාලයේ නැති වුවත් කිසිම ප්‍රයෝජනයකට ගත නොහැකි යම් පිළිපැදීම් තියෙනවාද ? "
හමීඩ් මෙන්ම අනිත් අයද හිතනවා. ඉහලට ඉස්වුනු අත් සමූහයෙන් කෙනෙක් මම තෝරා ගන්නවා. ඔහු ඇෆ්ගන් ජාතික අබ්දුල්ලා.
" ඇත්තෙන්ම ඔවු. බාගයකට වඩා අපි සන්ස්කෘතිමය කියා කරන දේවල හරයක් පදනමක් නෑ. කිසි දේකට යොදන්න බෑ. අතීතෙ එල්ලිලා ඉන්න ගිහින් මිනිස්සු දෙබිඩි ජීවිත ගත කරන එක තමයි ප්‍රතිඵලේ. වෙන කිසිම දෙයක් නෑ. අනෙකෙකුට හානියක් නොවුනත් හිතට එකඟව කල යම් දෙයක් නිසා සදාකල් අපරාධයක් කල අය ලෙස ජීවත් වෙන්නවුන් ඉන්නෙ ඔය අද යොදා ගන්න බැරි සන්කෘතිමය ප්‍රැක්ටිස් නිසා." ඔහු තොර තෝන්චියක් නැතිව ඔහුගේ මද ඉන්ග්‍රීසි හා ඩැනිස් දැනුමෙන් පහදනවා.

නිහඬව සිටි හමීඩ් හිමින් එහෙත් හැඟීම් බරව මෙහෙම කීවා. "මගේ පළවෙනි ආදරේ මට අහිමි උනෙ ඔය කෙහෙල් මල් නිසා. ඇත්තමයි"
සමහර තරුණ අය හමීඩ්ට විහිළු කරන්න පටන් ගත්තම මම අවධානය අරන් කට හඬ අවදි කලා.
" අහන්න..ඩැනිශ් සන්ස්කෘතියේත් වීසි කල යුතු දේ බොහෝයි. හැමදේම අපි බදා ගන්න ඕනෙ නෑ.
මම හිතන්නෙ මම යම් තැනකදි වාසනාවන්තයි කියලා.
පන්තිය කුතුහලෙන්.
මම මේ රටට එද්දි මා ඉපදුනු හැදුනු වැඩුණු මා ආඩම්බර වූ සන්ස්කෘතිය වගේම නොසිතූ ලෙස මා තල්ලු වූ ඩැනිශ් සන්කෘතිය තිබ්බා.
තවද අධිමානය වගේම හීනමානයෙන් තොර වූ හොඳ විනිශ්චිත හැකියාවක් ඇති විවුර්ත මනසක් තිබ්බා. එතැනදී මම ඔක්කොම තාර බර අයින් කර මටම අදාල මට ආඩම්බර විය හැකි මගේ අනන්‍යතාවය පිඋළිඹිබු කෙරෙන සන්ස්කෘතියක් මාවිසින්ම ගොඩ නගා ගත්තෙ ඔය දෙරටෙහිම මට හොඳයි ගෝචරයි කියන අන්ග මට ආදේශ කර ගනිමින්.
තව අවුරුදු 50ක් මෙහෙ හිටියත් මම 100%ක් ඩැනිශ් වෙන්නෙවත් මගේ ශ්‍රී ලාන්කික අනන්‍යතාවය නැති කර ගන්නෙවත් නෑ.
ඒ නිදහස මේ වගේ අළුත් රටකට එන කාටත් තියෙනවා. ඒ නිදහස පාවිච්චි කරන්න ඕනෙ.
ඕකෙම අනිත් පැත්ත කරන අයත් මේ සමාජෙ ඉන්නවා. සන්ස්කෘති දෙකේම කාටවත් ඵලක් නැති අන්ග ජීවිතේට එකතු කරන් සමාජයේ අපකීර්තියට පිළිකුලට හාස්‍යට ලක් වෙනවා. එවැනි කීප දෙනෙක් නිසාම මේ රටේ සමහර ජාතිවාදීන් තම ජාතිවාදය සාධාරණීයකරනය කරන්න හේතු සොයන් තියෙනවා.
"මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය මොකද්ද දන්නවද ?"

අවුරුදු කීපයකට පස්සෙ ලන්කාවට යද්දි මගේ කකුලට යටින් කාර්පට් එක ඇදලා අරන් වගේ මට නොදැන මා තෝරා ගෙන මා ඇලී ගැලී සිටි සන්ස්කෘතිමය අන්ග ලන්කාවෙන් නොපෙනී ගිහින් . මම ඒ තව දුරටත් ඒ සමාජෙ ජීවත් නොවෙන නිසා වෙන්න ඇති ඒ.
" ඒ දේ ඔබලාත් ඉදිරියෙදි අත් දකීවි "
" තව ටික කාලෙකින් සිරියාවෙන් මනමාලියක් හොයන්න හමීඩ් සිරියාවට යද්දි හමීඩ් ගෙ එහෙ ඉන්න මල්ලි යුරෝපීය කාන්තාවක් සමග විවාහ වෙලා ඉන්නත් බැරි නෑ." එහෙමත් නැත්නම්ඒ වන විට සිටින සිරියන් තරුණියන් බටහිර කතුන් වගේම එහෙම නැත්නම් ඊටත් වඩා බටහිර ගති ඇත්තවුන් වෙන්නත් පුළුවනි.

මුළු පන්තියම මහ හඬින් හිනා වෙනවා. කිසිම දෙයක් නොකියා ඔහේ බලන් ඉන්න දුවන්න දක්ශ ඉතියෝපියන් ජාතික ඕමාර් ත් හිනා වුනා ඒකට.
පන්තිය අවසන් කල මා කෝපි කෝප්පයක් බොමින් අද මම වචන වලට දාපු මගෙම සන්ස්කෘතික සන්ක්‍රමණය ගැන මම හිතුවා.

කුකුළා දෙවෙනි වතාව අඬලද්දි මගේ පියා මමත් ලොකු නන්ගිත් අවදි කරන්නෙ උදේට උයන්න. ( මගේ මවට උදේම ඇහැරෙන්න අපහසුයි ඒ කාලෙ ) මිරිස් ගුලියක් ගලේ අඹරලා ව්‍යාන්ජන දෙකක් හදලා අනිවාර්යෙන් හදන පොල් සම්බෝලෙයි බතුයි එක්ක බත් මුල් බැඳන් පොල් කටු අඟුරු ඉස්තිරික්කරෙන් රෙදි මැදන් 7 ට එන බස් එකට පාරට යන්නෙ ඔර්ලෝසුවක් දිහා නොබලා. කුකුළා හැඬලීම කිලෝ මීටර් 4 කින් පමන දුරින් ඇති පාරක බස් එක හෝන් ගැසීම සති පොළට එන වලන් කරත්ත කාරයගෙ සීපද හඬ වැනි වෙලාව කියන යම් අන්ග වලට අපි හුරු වෙලා හිටියා. බස් එකේ පරක්කුව නිසා පාසැල් යන්නපරක්කු උනත් අපි පරක්කු උනේ නෑ කවදාවත් පාරට එන්න.
කවුදෝ දොරට ගහනවා. මමද මගේ ස්මාර්ට් ෆෝනය දෙස බැලුවා. අනිත් පන්තිය පටන් ගන්න වෙලාව හරි. කට්ටිය එන්න පටන් අරන්. මා ඇරඹූ සන්ස්කෘතියෙ සිට අද මා සිටින තැනට මා පැමිණි දුර ගැන මම හිතුවා. අප බොහෝ දෙනා ට ඒ අත් දැකීම ඇතත් ඒ ගැන කතා කරන්න ආවර්ජනය කට යම් දේවල් පහදන්න මට ඇති හැකියාව ගැන හීනියට ආඩම්බර වෙන ගමන් ඉතාම නිහතමානීව මා අද දකින ද්‍රව්‍යමය නොවන තත්වයන් අත් දැකීමට වචන වලට පෙරළීමට මට හැකි වීමට හිතා මතා නොවුනත් ඒ මනස්කාන්ත නමුත් දුශ්කර මාවතේ මාව කැන්දන් ගෙන විත් මාගේ ණැනැස විවර කරවීම ගැන මගේ දෙමව්පියන්ට අතිශයින් ගෞරව කරා.

EmoticonEmoticon