=== ඔබ හැඟුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි ===


.
- හෙලෝ
+ හෙලෝ
- හලෝ හලෝ නෙවේ මොකෝ කරන්නෙ නිදියන්නෙ නැතිව. ?
+ මං මේ වැඩක්
- ආ ඇත්තද ? හින්දි සින්දු අහන එකද දැන් ඔහේගෙ වැඩේ
+ ඒකත් වැඩක් තමා. ඔයා කොහොමද දන්නේ මම හින්දි සින්දු අහනව කියල.
- අල්ලපු ගෙදර කොල්ල තමා මට කෝල් කරල කිවුවේ ඔයා සද්දෙට සින්දු අහනව නිදියන්න නැ කියල.
+ ආ ඇත්තද ?
- එක්නෙ මට නිදියනව කියල බොරු කියල මෙතන. තනියෙම සින්දු අහන්ඩ නේද ..
+ අනේ නැ මම මේ ඩිසයින් එකක් කරන්න ඉදගත්තෙ මෙතැන
- ඉතිං
+ දන්නෙම නැතිව පරන සින්දු මතක් වුනා අනේ
- මේ.. දැං වයසත් අහුවෙනවනේ. වස ලජ්ජාව
+ මං මේ කල්පනා කලෙ මම පොඩි කාලෙ කරල තියේනනෙ හින්දි චිත්‍රපටි බලපු එක විතරයිද කොහෙද
- හ්ම.. සුදු අයියෙ !
+ ඇයි ?
- ඔයා ආසයිද ඒ සින්දු වලට ?
+ නැත්තං සේරොම කට පාඩං අනේ..
- මං හිතං හිටියෙ ඔයා හින්දි වලට ආස නැ කියලනෙ..
+ කවුද ඔයාට එහෙම කිවුවෙ.. ?
- නැ ඉතින් ඔයා හෙන සිරියස්නෙ. හෙන බර බර දේවල්නෙ කියන්නෙ..
+ අනේ නැ නංගි මම ආසයි හැම දේටම..
- එහෙනං දවසක් මම හින්දි සින්දු ගැන අහනකොට ඇහුන්නැ වගේ හිටියෙ ?
+ ඒ මගේ හැටි !
- හැටි කිය්නනෙ මොනවද අනේ. ඉතින් මම හිතා ගත්තා අයෙ කවදාකවත් සුදු අයිය එක්ක හින්දු ගැන කතා කරන්නෙ නැ කියල. ඔයා ආස නැනෙ..
+ අනේ එහෙම නෑ.. සුදු නංගි අහන්න ඕන දෙයක්. මං දන්න ටික කියල දෙන්නං.
- කමක් නැ කොහොම හරි අයිය කැමතිනෙ සින්දු වලට. සින්දු සේරොම ලස්සනයි පිස්සු කොච්චියක් අප්ප ඔයා නං එක වෙලාවකට..
+ එතකොට අනික් වෙලාවට..
- එතකොට ම්..... එතකොට කෝච්චි දෙකක් !..
+ අනේ පල.. දැන් මොකො මේ රෑ ඔයා ඇහැරං
- හොර අල්ලන්න හිතං ආවෙ. මම ඇඳේ නිදි ?
+ නිදි ? මේ හීනෙන්ද ?
- මේ ... ෂ්..
+ කියන්න..
- ආදරෙයි ඇ.. සුදු අයිය මං කැමති ඒවටම කැමති එක මට හරි සතුටුයි අප්ප..
+ මොනවටද අනේ මං අකමැති..?
- මං කොටට අඳිනවට ? ෆැෂන් කරනවට, ම්..... තව පද්ද පද්ද ඇවිදිනවට.
+ ඔය ඉතින්.. පොඩි බුරුලක් ලැබුන ගමන් එනව ඔලුවෙ නගින්න..හා ඉතින් ඇඳන් යනව මට මොකෝ...
- හා ඇ.. මේ එක් නෙවේ සුදු අයියත් හින්දි වලට ආස එකේ මාව එක්කං යනවද ලගදිම ආපු ශාරුක්ගෙ අලුත් ෆිල්ම් එක ඒක බලන්න..
+ ම්.. නැ නංගි එක්කොත් මම මේ මොහොතෙ ඉඳන් හින්දි බලන එක අතහරිනව. සෝ සොරි..
- අනේ පීස් මෙයා ...
+ දැන් නිදියනවද මෙයා. වදයක් නොවී.. මට මේ සින්දු අහන්න තියෙනව. අහ් නැ වැඩ කරන්න තියෙනව.
- ඉතින් වැඩ කරන්න මම ඔයාට ඇහෙන්න සින්දු කියන්නං. හරිනෙ.
+ ඒ කිය්නනෙ අද මට වැඩක් කරන්න දෙන්නෙ නැ.
- නෑ ඉතින් එහෙම නෑ ඉතින්. මං ඉන්නං සද්ද නොකර සුදු අයිය වැඩ කරන්න.
+ හා සද්ද නොකර ඉන්න එහෙනං මං තියන්නං
- මොනා.......ද කුරුළු...... තියන්න එපා අනේ.. මං සද්ද නොකර ඉන්නං ඉතිං
+ මල හෝන්තුවක්නෙ මේක. සද්ද නොකර ඉන්නවං මොකටද කොල් එකේ
- හරි... ඉතින් එහෙනං මං සද්ද කරන්නංකො ටිකක්.පවුනෙ මං. මට කම්මැලියි.
+ හම්.. යමු යමු වාතේ.. නිදියන්න ... මම ඇඳට ගිහින් මැසේජ් එකක් දාන්නං..
- ඔන්න හොර බෑ හොදේ..
+ හ්ම්.. ආදරෙන්න ඉන්න සුදු නංගි...
=================
ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පුරා වෙලෙයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි...
.
මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබ සඳක්‌ වගේ හැඩයි
හෙට අමාවකද සැකයි...
.
ඔබ හැඟුම් බරව දොඩයි
ඒ වදන් කවිම තමයි
ඔබ වසන්තයක්‌ වගෙයි
හෙට ගිමන් කලද සැකයි...
===== දයාන් විතාරණ ===
--- කුරුළු---



Kurulu Niskalanka
Previous
Next Post »