+++අරගල සහ ඇර-ගැනීම+++



කැම්පස් වල first year ඉන්න උන් ශිෂ්‍ය අරගල වලට යන්නෙ ආසාවට නෙමෙයි නොගියොත් කැම්පස් එකෙ අලයො වෙන්න අකමැති නිසා හුඟක් වෙලාවට..
ඊට පස්සෙ තමන් senior වුනාට පස්සෙ තමන් කාපු රැග්, කටු මතක් කර කර අලුතින් එන ඊළඟ අවුරුද්දේ පිරිසට දෙනවා..
පෞරුෂ වර්ධනය කීවාට සමහරු දෙන්නෙ සරසවි රැග් නෙමෙයි දරුණු මානුශීය වධ හිංසා..ඔක්කොම නෙමෙයි සමහරු හරිද? 
එතකොට කොහෙද අර කියපු පෞරුෂයක් හැදෙන්නෙ? ඊළඟ අවුරුද්දේ එන උන්ව මරාගෙන කන්නෙ කොහොමද කියලා ඔළුවේ වැඩ කරන එකෙක්ගෙ වර්ධනය වෙන්නෙ පෞරුෂයද නැත්නම් වෙන මොකක් හරි එකක්ද?
ඔක්කොමත් හරි.. සරසවිය ඇතුලෙ ඉන්න කාලෙ ශිෂ්‍ය අරගල කරන්න පාරට බැහැපු උදවියගෙන් කී දෙනෙක් අද ලොකු පුටුවල ඉන්නවා ඇතිද? එහෙම ගියපු මිනිස්සු කවදාවත් " මමත් මෙහෙම හිටියනෙ" කියලා ඒ ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කරනවා දැකලා තියෙනවද?
සමහර වෙලාවට පොලිස් බැරියර් දාලා එන මඟ හරස් කරන්න කියන, නැත්නම් අවම බලය පාවිච්චි කරන්න කියලා ඉල්ලන, එහෙම නැත්නම් අණ දෙන නිළධාරියා උන්ගෙම ශිෂ්‍ය බල මණ්ඩලයක අතීත සාමාජිකයෙක් වෙන්න පුලුවන් නේද?
ඔය ලේ දුවන්නෙ ඔය කැම්පස් යන කාලෙ විතරයි.. සමහර ළමයි දෙමව්පියන්ගෙ සොච්චමත් වියදම් කරලා අවුරුදු හතරාමාර ඉවර කරනකොට ළඟා කරගත්ත දෙයකුත් නෑ.. ඒ වෙලාවේ වෘත්තීයක් පැත්තට ගියා නම් අත්දැකීම් හරි තියෙනවා.. ඊට පස්සෙ අර කිසිවක් ළඟා කර ගත්තේ නැති අය මේ සමාජ ක්‍රමයට වෛර කරනවා.. අන්තරයේ ජීවකාලීන සාමාජිකයො වෙනවා..
එදා පාරේ ඉදන් පොලිස් බැරියර් එක තල්ලු කරාම අද සැප පුටුවක ඉදන් පොලිස් බැරියර් දාලා බැරි නම් කඳුළු ගෑසුත් ගහපන් කියලා අණ දෙනවා.. ශිෂ්‍ය ව්‍යාපාර වලට දේශපාලනය රිංගීම තුළ ශිෂ්‍ය අරමුණ අවජාතක වීම එදත් සිදු වුනා.. අදත් සිදු වෙනවා සහෝදර සහෝදරවරුනි..
ඔබ ඉල්ලන ඉල්ලීම් සියල්ල අසාධාරණ නොවේ..
ඔබ කියනා සියල්ල මිත්‍යාවක් නොවෙයි..
නමුත්..
අන්තගාමි වීමෙන් ඔබේ ඉල්ලීම් වල වටිනාකම අඩු වෙයි..
ප්‍රචන්ඩ වීමෙන් ඔබේ ඉල්ලීම් අසාධාරණ වීමට ඉඩ ඇත..
මොහොතක් ඒ ගැනත් සිතන්න..
සමාජයට වෛර කරන්න එපා..
සමාජයට වැඩක් කරන්න උත්සාහ කරපන්..
අරගල වලට එහා ගිය අරගලයක් ජීවිතය කියන්නෙ..
ඡායාරූපය ගැන යමක් කිව යුතුයි.. මේ යුවතියන් වාමවාදී ජාතිකවාදයේ නූතන සළකුණ, ෆිදෙල් කැස්ත්‍රෝ ට ආචාර කරනවා වගෙ පෙනුනට, නෑ ඒක නෙමෙයි මේ වෙන්නෙ.. 29 වෙනිදා උද්ඝෝෂණයේදි කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව කෙවෙන ඇස් වල වේදනාවෙන් සිටින යුවතියන් තිදෙනෙක්ට කැස්ත්‍රෝ ආචාර කරනවා වගෙ අහම්බයක් කැමරා කාචයක සටහන් වෙලා තිබුණෙ මෙහෙමයි..
👉👉අනව තප්ත විල 👈
Gihan Gallage II


Previous
Next Post »